Thursday, August 30, 2012

අහිමි ලොව කියන්නේ ????

මට මාද අහිමි ලොව කියන්නේ කෙලෙසද හිඳිනලෙස සදහට උපන්දා සිට සිටි දෙමාපියනද හැරයයි දිනෙක මේ ලොව තනි කරන් මා එදින එයයි ලෝදම කිමද තව දුක් ගෙන ඔබේ හෝ මගේ නොව වරද අප ඉපදුන කුලය ආගම ජාතිය ~උපුටාගැනීමකි~

Sunday, May 1, 2011

කොළඹ සන්නිය Part 2 (පෙම්මුල්ල)


ජල්තර 2

තුන්මුල්ල, බෙම්මුල්ල අළුබෝමුල්ල හෝ වනාතමුල්ල වැනි නගර බොහෝ අයට හුරු වුවත් පෙම්මුල්ල නමැති තැන සමාජයට පැමිණ වැඩි කලක්‌ නැත. පෙම්මුල්ල ලෙසින් අද හඳුන්වන්නේ වායු සමනය කරන ලද නගරාන්තර අධි සුඛෝපභෝගී බස්‌ රථ වල ඇති පිටුපසම ඇති ආසන වල කෙළවර කොණයි. මෙය නොනිල වශයෙන් වෙන් වී ඇත්තේ තරුණ පෙම්වතුන්ගේ අසංවර ප්‍රේමාලිංගන වලට බව අප දන්නා කරුණකි.

නමුත් බසයට මුලින්ම ගොඩවී මේ පෙම්මුල්ලේ කොණක අසුන්ගෙන නිදා වැටෙන සරාගී පෙනුමක්‌ ඇති තරුණ හෝ මැදිවියට ළංවූ කාන්තා පිරිසක්‌ ද සිටී. ඇඟෙහි රත්‍රන් පැළඳ යමක්‌ කමක්‌ ඇති බව පෙනෙන අයෙක්‌ බසයට ගොඩ වෙද්දී ඉඟි බිඟි පා තමුන් වෙතට කැඳවා ළඟින් වාඩිකරවා ගැනීමට මේ අය අති දක්‍ෂය. කිටි කිටියේ හිරවුණු කෙටි සායට පහළෙන් දිස්‌වෙන කළවා යුගලයට ගැඹුරට හෑරුණ හැට්‌ට කරෙන් එළියට පනින්නට දඟළන පිරිපුන් දෙතනට ලොල් බැඳ ආලේපිත රන් අබරණ හා මුහුණේ වත්සුනු ආටෝපය හරහා එන මුකුළු සිනාවට රැවටී ඇය ළඟින් වාඩි නෙවෙන්නේ රහත් බවක්‌ ලැබූ හෝ ජීවිතයේ බොහෝදුරට කෙලෙස්‌ නැසූ බ්‍රහ්මචාරියකු පමණි. කෙසේ වෙතත් එසේ වාඩිවූ තැනැත්තාට අන්තිමට සිදු වන්නේ බසය අවසාන වන තැනින් සුද්දෙටම සුද්ධ වී බැස යන්නටයි. ඒ ද කොන්දොස්‌තර මල්ලීගේ අවදි කිරීම නිසයි. පියවි සිහිය ආවිට ඔහුට මතක්‌ වන්නේ ඒ තරුණිය ළඟ අසුන් ගත් බවත් මඳ වෙලාවකට පසු ඈ හා කථාවට වැටුණු බවත් ඇඟට ඇඟ ස්‌පර්ශ වූ බවත් ඇය දුන් චොක්‌ලට්‌ පෙත්ත හෝ චුවින්ගම් කෑල්ල කටේ දා ගත් බවත් පමණි. සිංහලයා යනු ඉක්‌මනින්ම ඕනෑම දෙයක්‌ අමතක කර දමන ජාතියක්‌ බව පිරබාහරන් කියා ඇතැයි අප අසා ඇත. ත්‍රස්‌වාදියකු කියන දෙය අපි විශ්වාස නොකරමු. නමුත් අමතක වන ගතිය සිංහලයාට පමණක්‌ නොව මනුෂ්‍ය වර්ගයාටම පොදු රෝගී තත්ත්වයක්‌ නිසා නැවත නැවතත් අපි මගඩිකාරයන්ට අසුවෙමු. ජල්තර වලට ගොදුරු වෙමු අපි කොච්චර වැඩකාරයෝ වුණත් හැම තත්පරයෙම අපි කාට හරි වචනයකින් හරි අහු වෙනව කියා මගේ මිතුරෙක්‌ වරක්‌ මට පැවැසීය. ඔහු කීවා හරිය.

කොළඹ සන්නිය Part 1 (ගෙන්දගං පොළොව)


කොළඹ නගරයේ මගඩි

කොළඹ නගරය ලස්‌සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස්‌ වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික්‌ හෝනයක්‌ අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්‍රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්‌සන හදවතේ ඇත්නම්" යන වදන ඇති ස්‌ටිකරයක්‌ දැක මට සිතුණේ කොළඹ නගරයේ උඩින් පේන ලස්‌සන ඇත්තටම එහි ජීවත් වන සමහරුන් තුළ තිබෙනවාද යන්නයි. කුරුඳුවත්ත හොඳය. කොල්ලුපිටියද හොඳය. වැල්ලවත්ත, තිඹිරිගස්‌යාය නාරාහෙන්පිට වැනි නගරද නරක නැත. ඒත් පිටකොටුව හෙවත් ගෙන්දගං පොළොව හොඳයි කියා කියන්නට කාට හැකිද?

ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්‌නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක්‌ නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්‌කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි.

දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්‍ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්‌දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්‌කන් දනී. කය බස (ඉදාහ ක්‌බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්‌කඩි අතිදක්‍ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක්‌ තිස්‌සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක්‌ නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්‌සු අසුවෙති.

වරාය ඉදිරිපිට චාමස්‌ රථගාල තුළ නැවෙන් පන්නපු බඩු විකුණන හුසේන් කොම්පඤ්ඤ වීදිය කොළඹ දෙකේ කාක්‌කෙකි. ඔහු වැනි නැවෙන් පන්නපු බඩු විකුණන මොත්තකාරයන් තිහක්‌ පමණ අද නගරයේ විසිරී සිටී. මේ අය අතර චීන කාන්තාවන් කීප දෙනෙක්‌ද ඇත.

මෙම මගඩිය වැඩිපුරම වන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ඒ අවට ජනාකිර්ණ වීදි හා මංමාවත් වලයි. ඇන්දිය හැකි (රැවටිය හැකි) යෑයි පෙනෙන පුද්ගලයකු හෝ කාන්තාවක්‌ දකින මෙම තක්‌කඩියා හෙමින් ඔහුට හෝ ඇයට ළංවී ඔරලෝසුවක්‌ හෝ රන් මාලයක්‌ මුද්දක්‌ පෙන්වා කියන්නේ මෙය ඉතා වටිනා භාණ්‌ඩයක්‌ බවත් තමා මෙය නැවකින් බැස ආ සුද්දකුගෙන් සොරාගත් හෝ ලබා ගත් බවත්ය. එසේත් නැත්නම් කඩයකින් පැන ආ කොල්ලකුගෙන් තමාට ලැබුණු බවයි. ඉක්‌මණින් නගරයෙන් පිටවී යැමට අවශ්‍ය නිසා මෙය අඩු මුදලට විකුණන බවත් ඔහු පවසයි. පිට පෙනුමෙන්ම ඉතා අනර්ඝ බවක්‌ හා වටිනා කමක්‌ ඇති මෙම භාණ්‌ඩයට ලොල් බඳින්නා එයට උනන්දු වෙද්දී තක්‌කඩියා කියා සිටින්නේ අතේ සල්ලි වැඩිපුර නැත්නම් තියෙන ගාන සමඟ වෙන මොකක්‌ හෝ දෙයක්‌ දී මෙය රැගෙන යන ලෙසයි. තක්‌කඩියාගේ මුකරි හා ආකර්ෂණය වන වචන වලට ඇන්දෙන ගැමියා රුපියල් දෙතුන් සීයක්‌ ඔහුගේ මිට මොළවා ගෙල බැඳි රන් මාලය සුරය හෝ ඉණ බැඳි රිදී හවඩිය හෝ ගලවා එම ලස්‌සන ඔරලෝසුව අයිති කර ගැනීමට පසුබට නොවේ. එමෙන්ම පැරණි වුවත් කෞතුක වටිනාකමක්‌ ඇති තම අත් ඔරලෝසුව හෝ මෙයට මාරු කරති. ගැහැනියක්‌ නම් ඇය තම මුද්ද රන් වළල්ලක්‌ හෝ සාරි කටුව පවා පූජා කර මෙම වටිනා කමක්‌ ඇති බව පෙනෙන භාණ්‌ඩය රැගෙන තම තිසර පටේ හෝ අත් ලේන්සුවේ ගැටයක්‌ ගසා සඟවා ගෙන ලහි ලහියේ පිටවී යයි. ගාණක්‌ හා තව වටිනා දෙයක්‌ අතට ගත් තක්‌කඩියා සෙනඟට වැද ඇසිපිය සැනින් අතුරුදන් වෙයි. ගැටයට අහුවුණු තැනැත්තා විනාඩි කීපයකින් කොහේ හෝ රක්‍ෂිත තැනකට ගොස්‌ වටිනා භාණ්‌ඩය මනා පරීක්‍ෂාවකට ලක්‌ කරද්දී ඔහුට දැනගන්නට ලැබෙන්නේ මෙය රුපියල් සියයක්‌ වත් නොවටිනා ආලේපිත හෝ අරුමෝසම් භාණ්‌ඩයක්‌ බවයි. සත්‍ය තේරුම් යන විට ඔහු හෝ ඇය සතුව තිබූ රුපියල් සිය ගාණක්‌ හා වටිනා තව දෙයක්‌ අහිමි වී හමරය.

මතට ඇබ්බැහි වූ තරුණයන් විසින් වැඩිපුරම කරන්නාවූ මගඩියකි ලොන්තෙ දැමීම. කොළඹ නගරය තුළ බහුලව දකින්නට ඇත. මතට ඇබ්බැහි වූ අය අන්තිම අවස්‌ථාවට ආවිට මෙම ක්‍රමය මගින් සල්ලි හොයා ගනිති. මෙය හිඟා නොකා හිඟා කෑමකි. ලොන්තෙ දාන අය කිසිදිනෙක මහත්තයා නෝනා හෝ සර් කියා තම සේවාදායකයන් අමතන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට අයියා, මල්ලී, අක්‌කා, නංගී, මාමා, නැන්දා, මිස්‌ටර්, මිස්‌, බොස්‌, මැඩම් යනුවෙන් මහ මඟ මඟියන්ව අමතති. ඔවුන් පවසන අන්දමට ඒජන්සියට මුදල් බැඳීමට රැකියාවක්‌ සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට, ලෙඩෙක්‌ බැලීමට මහ රෝහලට හෝ පාස්‌පෝට්‌ එක ගැනීමට ගමෙන් කොළඹ නගරයට ආ අයෙකි. පික්‌පොකට්‌ ගසා හෝ වෙනත් එවැනි වංචාවකට අසුව තමුන්ගේ මුදල් පසුම්බිය හෝ අත් බෑගය මේ දැන් නැතිවී තිබේ. දැන් නැවත ගමට යාමට අවශ්‍යයි.

"අතට සල්ලි එපා අයියා. බස්‌ එකට නග්ගලා ටිකට්‌ එක අරන් දෙන්න ප්ලීස්‌"

ඒ අසරණ වූ ඔවුනගේ අහිංසක ඉල්ලීමයි. මෙහි වංචාවක්‌ හෝ ප්‍රොaඩාවක්‌ නොදකින නගරයට ආගන්තුක ගැමියාගේ හිත වහා උණුවී ඔහු ඒ අසරණයාව අසල කඩයකට රැගෙන ගොස්‌ තේවතුර පවා ඇරගෙන දී ගමට යැමට අවශ්‍ය මුදල මිට මොලවයි.

ඉල්ලන්නා ගැන කුඩා හෝ සැකයක්‌ ඇතිවුණ හොත් සමහර විට ඔහුව බස්‌ රථයක්‌ වෙතට ගෙනගොස්‌ අසුනක ඉන්දවා කොන්දොස්‌තර අතටම මුදල් දෙන මානව හිතවාදීන් ද අප රටේ ඇත. මෙය මගඩිකරුට එතරම් ප්‍රශ්නයක්‌ නැත. මන්ද ඔහු කරන්නේ කොන්දොස්‌තරගෙන් එම මුදල හෝ ඉන් වැඩි කොටසක්‌ යළි ඉල්ලාගෙන ඊළඟ නැවතුමෙන් බැස යළි තම රස්‌සාව පටන් ගැනීමයි.

Sunday, March 6, 2011

අප්පච්චී


අප්පච්චී,,,,,ඇයි ඇස් පියාන ...
ගේ මැද සාලේ නිදාන,,,
ඔලුව පුරාවෙම තුවාල,,,
මොකද වුනේ,,,,මේ ඔයාට,,,

අම්ම අඩනවා හිස බදාන,,,
ගමම එක්වෙලා මෙහාට,,,

තරහෙ වගේ ඉන්නෙ ඇයිද,,,
දෝනි දුකින්,,, පෙනෙන්නැද්ද,,,
එන්න ළගට දූ වඩාගන්න,,,
ඉන්න ආයෙ යන්න එපා,,,

ලොකු මිනිහෙක් කලේ මාව.....
වඩා ගන්න බැරිතරමට.....
ඔබෙ සිරුරට කරතියන්න.....
හයිය තාම ඇත මා හට...........

Friday, January 28, 2011

ආදරනීය සහෘදය, කියාදෙන්න කිමද මිරිඟුව...!


අරමුණ නම් මිරිඟුව කරා
ගමන් කෙලෙමි අදිටනින්
ලගට යන්න යන්න එය මිරිඟුවක් බව
පසක් නොවන තරමට මා එයට පෙම් බැදිනි
එකවර කඩා වැටුණු මහා කුණාටුවක්
මගේ අරමුණ සුනු විසුනු කර
මහ හඩින් සිනා සෙන්නට විය
මිරිගුවක් බව දැන දැන මා දිගින් දිගටම ගමන් කරමි
එහෙත් අරමුණක් නැත
දවස් ගෙවමින් ජිවත් වෙමි
නමුත් ජිවිතයක් නැත
මුලට ගොස් නැවත් ගමන් ආරම්භ
කිරීමටද නොහැක
ගමන් මගේ මුල දූවීලි ගොඩක් වී
සුනු විසුනු වී ගොස්ය
ජිවිතයක් නොමැති ජිවිතය
මා දෙමං හංදියක නවතා දමා ඇත
එක් පසෙකින් දැත් දිගු කර
මා ඔවුන් දෙසට කැදවන සහෘදයන් පිරිසකි
අනෙක් පස කිසිවෙකුත් පෙනෙන්නට නැති
කෙළවර සුපහන් ආලෝකයකින්
ආලෝකමත් වූ මාවතකි
මා සිත දෙකට පැලි දෙපසට ඇදි යනු දැනේ
දැඩි වෙසක් දරා සිත එකතැන් කර ගතිමි
දැන් මා ගමන් අරඹන මග කුමක් වේද?
එහි මට අරමුණක් ඇති වේද?
එහි මට ජිවත් විය හැකි වේද?

~kassa~

Wednesday, December 15, 2010

පුදනකොටම හෙනහුරා කෙලීම.............


"හෙනහුරා මාරු උනා කියන්නේ බොරුය.
ඌ හැමදාම කැරකුනේ මගේ ඔළුව වටේය.
ඌ තාම සිටිති, මට තාම හෙනහුරාය.
ඒ නිසා හුදී ජනයෝ පාං සංවේගයට පත් නොවේවා!"